තායිලන්තයේ බැංකෝක් නුවර ආසන්නයේදී පාසැල් සිසුන් පිරිසක් සහ ගුරුවරුන් ඇතුළුව පුද්ගලයින් 44 දෙනෙකු සමඟින් ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් තුළ හදිසියේම ඇති වූ ගින්නක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගිය ගොස් ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කරනු ලබයි.
එම පිරිස පාසැල් අධ්‍යාපන ක්ෂෙත්ර චාරිකාවක් සදහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
එම බස් රථයේ ගුරුවරුන් 06 දෙනෙකු ඇතුළුව 44 දෙනෙකු ගමන් කර ඇති අතර, ගින්නෙන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරත් සමඟ කිහිපදෙනෙකු ඉන් පිටතට දිවගොස් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව සදහන් වනවා.සිදුවූ අනතුරින් සිසුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වනවා.ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත්, ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවත්, එරට මාධ්‍ය වාර්තා විසින් වාර්තා කරනු ලබයි.
0 Comments